රූපලාවන්‍ය රැවටිල්ල
රූපය යනු පුද්ගලයෙකුට ආභරණයකි. විශේෂයෙන්ම කාන්තාවන්ට රූපය ප්‍රබල වස්තුවකි. රූපය තව තවත් අලංකාර කරගැනීමට,මුහුණ ලස්සනට තබාගැනීමට,නියපෙල ලස්සනට ශක්තිමත්ව තබා ගැනීමට සෑම කාන්තාවක්ම ආශා කරයි. කාන්තාව උපතින්ම තමාට හිමි සුන්දරත්වයක් හිමිකරගනු ලබයි. එය තමාට අනන්‍යතාවක් ගිඩනගමින් තමාට ආභරණයක් වේ.
අතීත කාන්තාව ස්වභාවික සුන්දරත්වය එලෙසම පවත්වාගත් අතර වර්තමානය වන එඉට එයට රූපලාවන්‍ය යන වචනය ආරෝපණය කරගෙන තම පවත්නා සුන්දරත්වයට කෘතීම සුන්දර්ව්ත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ කරයි. එහිදී දිග කොන්ඩය කොටට කැපීම,කළු කෙස් දුඹුරු කිරීම්,සමේ වර්ණය වෙනස් කරගැනීම ආදී දේ සිදු කිරීමට පෙළ්ඹී ඇත. මේවා කාන්තාවට සමාජගත කරනු ලබන්නේ නූතන වෙළඳපළ විසිනි. තමාට පවතින සුන්දරත්වයට වඩා වෙනත් සුන්දරත්වයක් ආදේශ කරගැනීමට කාන්තාව පොළඹවයි. ඇතැම් විට එතුළින් ඇතිවන්නේ සුන්දරත්වයකටත් වඩා විකෘතියකි.
රූපලාවන්‍ය කටයුතු උදෙසා නූතන කාන්තාව බොහෝ සෙයින් වියදම් කරයි. වියදම් අධික පෙට්හි වර්ග,සමට විශකර මිල අධික ක්‍රීම් වර්ග,තොල් ආලේපන ආදී දේ ගැනීමට පෙළඹී සිටී. ඇතැම් විට බෙහෙත් වර්ග විදීමට පවා පෙළඹේ. මෙම පෙළඹීම ජනමාධ්‍ය හරහා නළු නිළියන් වැන්නවුන් උපයෝගී කරගෙන කරනු ලබයි. ඔවුන් පවසන අන්දමට සුන්දර බවේ රහස් අන්තර්ගත වූ දිව්‍යමය ගුණයෙන් තම නිෂ්පාදනයේම බව ඔවුන්ට අළෙවි කරගැනීමට අවශ්‍ය වෙලඳ භාණ්ඩයම තුළ පමණකැයි යන මතය ගොඩනඟමින් ඒ සඳහා පෙළඹවීමක් ඇති කරයි. ඒවායෙහි පෝෂණ අතිරේක,සත්කාර අඩංගු බව ප්‍රකාශ කරයි. පෝෂණ අතිරේක පෙති මඟින් ලබාගැනීමට තරම් ලංකාව තුළ වෙසෙන්නේ මන්දපෝෂිත කාන්තාවන්ද යන ගැටළුව ඉන් මතු වේ.
වර්තමාන රූපලාවන්‍ය යනු හුදෙක් වෙළඳපළ පමණක්ම අරමුණු කරගෙන ගොඩනැඟූවක් වන අතර ලැබෙන අතුරු ප්‍රතිඵල තමාට ඇති රූපයත් විනාශ වීමට හේතුවකි. මෙය නූතන පරපුර් තේරුම් ගන්නේනම් මෙවැනි රැවටිල්ලකට හසු නොවේ.

No comments:
Post a Comment