Wednesday, June 6, 2018

          අම්මා

මහ මෙරක් දුක් කඳක්
සිර කරන් හද ගැබෙහි
සයුරක් තරම් කදුළු කැට
හිර කරන් නෙත් තුරෙහි
කප්පරක් සිත් තැවුල්
වසන් කරමින් ⁣සැමට
සෙනෙහසින් සිනහ වෙන
එකම ළඳ අම්මා ය.....