Saturday, August 25, 2018

TELE විෂන්

    රූපවාහිනිය ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. මිනිසා තම සන්නිවෙදන අරමුණු ඉටු කර ගැනීමට ජන මාධ්‍යයක් වන රූපවාහිනිය භාවිතා කරනු ලබයි. රූපවාහිනිය මඟින් මූලිකවම තොරතුරු සම්පාදනය,අධ්‍යාපනය ලබා දීම,විනෝදාස්ශ්වාදය,පෙළඹවීම ආදී අරමුණු ඉටු කිරීම කළ යුතුයි. එම අරමුණු ඒ හරහා ඉටු වේ.නමුත් එය ඉටුවෙන ක්‍රමවේදයේ ගැටළුකාරී තත්වයක් ඇත.
      පුද්ගලයාට ප්‍රවෘත්ති දැන ගැනීමට අවශ්‍යය. ඒ සඳහා රූපවාහිනී නාලිකා වලින් ප්‍රවෘත්ති නරඹයි. නාලිකා සියල්ලම ගත් කල එකම ප්‍රවෘත්තිය ආකාර කීපයකින් ඉදිරිපත් කරනු ලබයි. ඇතැම් විට ප්‍රවෘත්ති බැලීමට වඩා කතන්දර ඇසීමට වර්තමානයේ සිදුව ඇත.
        පුද්ගලයා මානසික සැහැල්ලුව උදෙසා වින්දනයක් ලබාගැනීමට ටෙලි නාට්‍ය බැලීමට පෙළඹී තිබේ. නමුත් වර්තමානයේ බැලීමට ඇත්තේ කුමන ගණයේ ටෙලි නාට්‍යයද? ටෙලි නාට්‍යයක් බලා විනෝදයක් ලබා මනස සැහැල්ලු කරගන්නවා වෙනුවට ටෙලි නාට්‍ය වල පවතින පවුල් ආරවුල් ආදිය පිළිබඳව ද ප්‍රේක්ෂකයාට සිතීමට ඇත. එතුළින් වින්දනයක් ලැබිය හැකිද?
             කුඩා දරුවන් වෙනුවෙන් කාටූන් වැඩසටහන් සෑම නාලිකාවකම පාහේ දක්නට ඇත. නමුත් ඇතැම් ඒවායේ රූපරාමු හා දෙබස් අතරවත් සම්බන්ධයක් දැකිය නොහැකි,ළමා මනස විකෘති කරන අන්දමේ කාටූන් වැඩසටහන් විකාශනය කරනු ලබයි. එවා ළමුන් සඳහා සුදුසු වේද?
          තවත් ලෙසකින් රූපවාහිනිය තනිකරම වෙළඳපලක් බවට පත්ව ඇත. ප්‍රේක්ෂකයා පාරිබෝගිකයා බවට පත්ව ඇත. හොඳ හෝ නරක වන කුමන හෝ නිෂ්පාදනයන් රූපවාහිනිය තුළින් සමාජගත කරයි. එතුළින් ඇතිවන්නේ යහපත් පෙළඹවීමට වඩා අයහපත් පෙළඹවීමකි.
           නූතන රූපවහිනී මාධ්‍ය තුළින් අපිට ලබාගැනීමට ඇති හරය කුමක්ද?මේවා වෙනස් විය යුතු ක්ෂේත්‍ර නොවේද?

Tuesday, August 21, 2018

                           රියැලිටි ෂෝ

                 රියැලිටිය යනු යතාර්ථයයි. යතාර්ථය පෙන්වීම යනු "රියැලිටි ෂෝ" කියා හැඳින්වීමට හැකියි. මෙය බටහිර සංකල්පයන්  මත ගොඩනැගී පෙරදිගට සංක්‍රමණය වූ සංකල්පයක් ලෙස හැඳින්වීමට පුළුවන.
                 ශ්‍රී ලංකාවේද බටහිරින් ලැබෙන ඕනම දෙයක් තමන්ගේ කරගෙන තමන්ගේ දේ බවට පත් කර ගැනීමට නොපැකිළිව කටයුතු කරනු දක්නට ලැබීම සුලභ දසුනකි. එබැවින් "රියැලිටි ෂෝ" සකංකල්පයද ලංකාවේ රූපවාහිනී මාධ්‍ය වඩාත් හොඳින් සමීප කරගෙන ඇත. රියැලිටිය තුළින් දකින්නේ රියැලිටියට එහා ගිය මවාපෑමක් යැයි සිතීම ද වැරදි නොවන බව අපිට දකින්නට ඇති රියැලිටි ෂෝ දෙස බැලීමේදී සිතාගත හැකිය. බොහෝමයක් ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා හරහා "රියැලිටි ෂෝ" සංකල්පය සමාජගත කෙරේ. මේ සඳහා අධික ලෙස මුදල් වියදම් කරමින්,අමුතු අලංකාරයක් ආරෝපණය කරමින් රියැලිටියකින් ඔබ්බට ගිය ෆැන්ටසියක් මවාපානු ලබයි. බොහෝ රියැලිටි ෂෝ හරහා ඇතැම් විට ගායනයේ ස්වර පවා නිවැරදිව ගායනා කිරීමට නොදන්නවුන් මහා තරු බවට පත්වේ. එක රැයකින් තරුවක් බවට පත් වීමේ සිහිනය බොහෝ තරුණ තරුණියන්ගේ හදවත් තුළ පැළ කරනු ලබයි. තරුණ පරපුර වඩ වඩාත් මේ කෙරෙහි ආකර්ෂණය වේ.
                    රියැලිටිය තිබිය යුත්තේ ප්‍රේක්ෂක ජනතාවට යතාර්ථවත් ලෙස වින්දනයක් ලබා දී යතාර්ථවාදීව යමක් දෙස බැලීමේ දෘෂ්ටිකෝණය උදෙසාය. නමුත් රියැලිටිය යන්න අමුතුවෙන් ආරෝපණය කර ප්‍රසිද්ධිය හා තම නාලිකා වල නම පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියෙන් තොරව කරනු ලබන රියැලිටි ෂෝ වල අපි අපේක්ෂා කරන රියැලිටිය ගැබ්ව තිබේද? වර්තමානයේ කුඩා දරුවාගේ පටන් මහළු පුද්ගලයා දක්වා මෙම ආරෝපිත රියැලිටිය කෙරෙහි පොළඹවා ගැනීමට බොහෝ මාධ්‍ය ආයතන විසින් උත්සාහ දරනු ලබයි. ජනතාව අතරට ගෙන යා යුතු රියැලිටිය කුමක්ද? එය නිසි ප්‍රමිතියකින් යුතුව යතාර්ථවාදීව ඉදිරිපත් කළහොත් මීට වඩ සුන්දර "රියැලිටි ෂෝ" ගොඩනැගෙනු ස්ථීරය.
රූපලාවන්‍ය රැවටිල්ල

  රූපය යනු පුද්ගලයෙකුට ආභරණයකි. විශේෂයෙන්ම කාන්තාවන්ට රූපය ප්‍රබල වස්තුවකි. රූපය තව තවත් අලංකාර කරගැනීමට,මුහුණ ලස්සනට තබාගැනීමට,නියපෙල ලස්සනට ශක්තිමත්ව තබා ගැනීමට සෑම කාන්තාවක්ම ආශා කරයි. කාන්තාව උපතින්ම තමාට හිමි සුන්දරත්වයක් හිමිකරගනු ලබයි. එය තමාට අනන්‍යතාවක් ගිඩනගමින් තමාට ආභරණයක් වේ.
      අතීත කාන්තාව ස්වභාවික සුන්දරත්වය එලෙසම පවත්වාගත් අතර වර්තමානය වන එඉට එයට රූපලාවන්‍ය යන වචනය ආරෝපණය කරගෙන තම පවත්නා සුන්දරත්වයට කෘතීම සුන්දර්ව්ත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ කරයි.  එහිදී දිග කොන්ඩය කොටට කැපීම,කළු කෙස් දුඹුරු කිරීම්,සමේ වර්ණය වෙනස් කරගැනීම ආදී දේ සිදු කිරීමට පෙළ්ඹී ඇත. මේවා කාන්තාවට සමාජගත කරනු ලබන්නේ නූතන වෙළඳපළ විසිනි. තමාට පවතින සුන්දරත්වයට වඩා වෙනත් සුන්දරත්වයක් ආදේශ කරගැනීමට කාන්තාව පොළඹවයි. ඇතැම් විට එතුළින් ඇතිවන්නේ සුන්දරත්වයකටත් වඩා විකෘතියකි.
     රූපලාවන්‍ය කටයුතු උදෙසා නූතන කාන්තාව බොහෝ සෙයින් වියදම් කරයි. වියදම් අධික පෙට්හි වර්ග,සමට විශකර මිල අධික ක්‍රීම් වර්ග,තොල් ආලේපන ආදී දේ ගැනීමට පෙළඹී සිටී. ඇතැම් විට බෙහෙත් වර්ග විදීමට පවා පෙළඹේ. මෙම පෙළඹීම ජනමාධ්‍ය හරහා නළු නිළියන් වැන්නවුන් උපයෝගී කරගෙන කරනු ලබයි. ඔවුන් පවසන අන්දමට සුන්දර බවේ රහස් අන්තර්ගත වූ දිව්‍යමය ගුණයෙන් තම නිෂ්පාදනයේම බව ඔවුන්ට අළෙවි කරගැනීමට අවශ්‍ය වෙලඳ භාණ්ඩයම තුළ පමණකැයි යන මතය ගොඩනඟමින් ඒ සඳහා පෙළඹවීමක් ඇති කරයි. ඒවායෙහි පෝෂණ අතිරේක,සත්කාර අඩංගු බව ප්‍රකාශ කරයි. පෝෂණ අතිරේක පෙති මඟින් ලබාගැනීමට තරම් ලංකාව තුළ වෙසෙන්නේ මන්දපෝෂිත කාන්තාවන්ද යන ගැටළුව ඉන් මතු වේ.
          වර්තමාන රූපලාවන්‍ය යනු හුදෙක් වෙළඳපළ පමණක්ම අරමුණු කරගෙන ගොඩනැඟූවක් වන අතර ලැබෙන අතුරු ප්‍රතිඵල තමාට ඇති රූපයත් විනාශ වීමට හේතුවකි. මෙය නූතන පරපුර් තේරුම් ගන්නේනම් මෙවැනි රැවටිල්ලකට හසු නොවේ.

Sunday, August 19, 2018

                     පුස් කන අකුරු

      "කියවීම මිනිසා සම්පූර්ණ කරයි."

         මෙම කියමන අසා නොමැති කෙනෙක් නොමැති තරම් සුලභය. මෙතුළින් කියවෙන්නේ පොත් පත් කියවීම තුළින් මිනිසෙකු සම්පූර්ණ පුද්ගලයෙකු බවට පත්කරන බවයි. එනම් පොත පත වල මහා දැණුම් සම්භාරයක් අන්තර්ගතව පවත්නා බව ප්‍රකාශ කළ හැකිය.
            අතීතයේ අකුරු උගත් මිනිසා පොත පත රචනා කිරීමට පෙළඹුණේ තමා ලද දැණුම තවත් පිරිසකට බෙදා දීමේ හා ගබඩා කර තැබීමේ මාධ්‍යයක් ලෙසය. පොත පතෙහි වටිනාකම අමිලය. පොත පත පරිශීලනයෙන් උකහාගන්නා ලද දැණුම සොර සතුරෙකුටවත් ගත නොහැක. පොත පත පරිශීලනය කරන්නා ඇවිදින පුස්තකාලයක් බඳු යැයි කීමද වැරදි නොවේ.
           වර්තමානයේ පුස්තකාල  බොහෝමයක් පොත් විශාල ප්‍රමාණයකින් පිරී ඇත. සෑම පාසලකම,විශ්වවිද්‍යාලයකම මෙන්ම මහ ජනතාව උදෙසා ද පුස්තකාල බොහෝමයක් ස්ථාපනය කර ඇත. සිංහල,ඉන්ග්‍රීසි,දමිළ හා වෙනත් භාෂාවන් වලින් රචිත පොත් පත් විශාල ප්‍රමාණයක් පුස්තකාල වල ගබඩා කර ඇත. නමුත් පුස්තකාලය පරිශීලනය කරන්නේ කෙතරම් සුළු පිරිසක් ද? වර්තමාන දරුවා,තරුණයා,වැඩිහිටියා යන සියල්ලෝම පොත පතෙන් බැහැරව ගොස් ඇත. අතීතයේ බස් රථයේ,දුම් රියේ ගමන් කරන විට අකුරු උගත් සෑම කෙනෙකුගේම අතෙහි පොතක් රැඳුනි. එය එකල සමාජයේ විලාසිතාවක් බවට ද පත්ව තිබුණි. නමුත් වර්තමානයේ අපට එවැන්නක් දැකිය හැක්කේ කෙතරම් දුලභව ද?
            අද වන විට බොහෝ දෙනා පුස්තකාල හා පොත් පත් වලින් ඈත් වීමට බොහෝ හේතු සාධක ඇත. කාර්‍ය බහුලත්වය,පොත පත කියවීම කම්මැලි බව සිතීම,පොත පතට වඩා ඉක්මනින් දැණුම ලබාගැනීමට අන්තර්ජාලය භාවිතා කිරීම ආදිය දැක්වීමට හැකිය. පොතක් කියවීමට වඩා තම ජංගම දුරකථනය හරහා දැණුම සොයා ගැනීමට නූතන පරපුර ඉතාමත් සීඝ්‍රයෙන් පෙළඹී සිටිත්. ඇතැම් විට පුස්තකාල තුළ මහා දැණුම සාගරයක් ලබාගත හැකි අන්දමේ විශ්ව කෝෂ,ශබ්ද කෝෂ පරිශීලනයට වර්තමානයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීහු පවා මැළි කමක් දක්වති. පුස්තකාල මගින් කරනු ලබන විවිධ සංගණන හරහා පුද්ගලයා පරිශීලනය කරන්නේ කුමන පොත පත ද,කොතෙකුත් පරිශීලනය කරන්නේ ද යනාදී තොරතුරු හෙළි වේ. ඒවා තුළින් ද සපථ කරන්නේ පාඨකයා ව්‍යක්ත පොත පතින් ඈත්ව ඇති බවත්,ඉතාමත් මද වශයෙන් නව කතා,කෙටි කතා,අධ්‍යාපන පොත් පත් පරිශීලනයට රුචිකත්වයක් දක්වන බවත්‍ ය.
              බොහෝ දෙනා පොත පතෙන් ඈත් වන්නේ එය පැරණි මාධ්‍ය භාවිතාවකැයි සිතා නවීණ විලාසිතාවට අනුව ජංගම දුරකථනය හා ලැප් ටොප් පරිගණකය භාවිතය ඊට වඩා හොඳ බව සිතීමයි. නව මාධ්‍ය භාවිතාව අයහපත් නොවේ. නමුත් එලෙස කියා පොත පත අපට ඉවත් කර දැමිය හැකිද? මනා ශික්ෂණයටත්,දැණුම වර්ධනයටත් පොත පත පුස් කන්නට නොදී පරිශීලනය කිරීම කෙතරම් වටින්නේ ද?