Saturday, July 7, 2018

ආලය නම් කිම

රත් වූ රුධිරය
ක‍ෙමෙන් නිවාලන
නලියන සිතුවිලි
විසිතුරු කරවන
ගොලු වූ හදවත් 
දොඩමලු කරවන
ගස් ගල් වලටත්
පණ නළ ගන්වන
මෙය යැයි අරුතක්
නොම දිය හැකි වන
ඇතැමුන් තුටු වන
ඇතැමුන් ලතැවෙන
දෙ‍තොලග මිමිනෙන
වදනයි ආලය



16 comments: