Sunday, July 29, 2018

මගේ ළමා විය

වෙල් දෙණි වල ඇවිද නටපු
සමණලු මෙන් දසත සරපු
නිදහස් සුව හොදින් විඳපු
මිතුරු මුතුරි කැළක් හිටපු

ඉගෙනීමත් කඩ නොකරපු
විභාගයත් සමත් කරපු
ලොකු පාසල් වලත් ගියපු
සොඳුරු ළමා වියක් දකපු

ගහකොළ වල පහස ලබපු
ඇළ දොළ වල සිසිල සොයපු
පොඩි පොඩි ඩඟ වැඩත් කරපු
සොඳුරු ළමා හැඟුම් දිනපු

ආයෙත් මම යන්න හිතපු
සිතින් දහස් වරක් විඳපු
කෙමෙන් කෙමෙන් මැකී ගියපු
සොඳුරු ළමා වියයි ගෙවපු




No comments:

Post a Comment